බාසිලෝනා ප්‍රහාරය ඉරානය හෙළා දකී



ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවරට ඊයේ (17) එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය තරයේ හෙළා දකින බව ඉරානය කියයි.

ඉරාන රජය වෙනුවෙන් එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක බහ්රාම් කසේමී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, ත්‍රස්තවාදයට එරෙහිව මුළු ලොවම එකමුතු විය යුතුයි කියාය.

ප්‍රහාරය එල්ල කළේ තමන් යැයි අයි.එස්. හෙවත් දයේෂ් ත්‍රස්ත සංවිධානය පවසා තිබේ. අයි.එස්. ත්‍රස්ත සංවිධානය ඉරානයට ද තර්ජනයකි.

බාසිලෝනා නුවරට එල්ල වුණු එම ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය ගණන 13 කි. ප්‍රහාරයට පැමිණි ත්‍රස්තයෝ පලා ගියහ. ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කළ බව පොලිසිය පවසා ඇත.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS