බාලවයස්කාර දරුවන්ට වධ හිංසා



බහරේනය විවිධාකාරයේ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තැබෙන අවුරුදු 18 ට අඩු බාලවයස්කාර දරුවන් 607 දෙනකු දරුණු අන්දමින් වධබන්දනයන්ට ලක් කළේ යැයි අල් ජසීරා පුවත් සේවය අනාවරණය කර තිබේ.

මෙම බාලවයස්කාර රැදෙවියන් බරපතල සිර දඩුවම් ලබා දීම, පහර දීම, නීතීඥවරුන් හෝ මාපියන් නොමැතිව දරුණු ලෙස ප්‍රශ්න කිරීම ආදියට ලක් කර ඇති බව ද අල් ජසීරා අනාවරණයෙන් පැහැදිලි වී තිබේ.

මෙම දරුවන් 607 දෙනා මෙසේ දරුණු ලෙස වධබන්දනයන්ට ලක් වී ඇත්තේ පසුගිය දශකයක පමණ කාලයේ යැයි ද පැවැසෙයි.

(අල් ජසීරා)


RECOMMEND POSTS