බ්‍රින්ග් දේව් බෑක්



යේමනයට නැවත සංවර්ධනය ගෙනඒමේ අරමුණින් එරට වැසියන් සමාජ මාධ්‍ය ව්‍යාපාරයක් දියත් කර තිබේ. හෑෂ්ටැග් සංකේතය සහිතව බ්‍රින්ග් දේව් බෑක් යනුවෙන් සඳහන් කරමින් එම සමාජ මාධ්‍ය ව්‍යාපාරය දියත් කර තිබෙන අතර යේමනයට නැවත සංවර්ධනය ගෙන එන්න යන්න එහි අරුතයි.

යුද්ධය නිසා යේමනයට සංවර්ධනය සඳහා තිබූ අවස්ථාව මඟ හැරී ඇතැයි මෙම සමාජ මාධ්‍ය ව්‍යාපාරයේදී ඉස්මතු කර පෙන්වා තිබේ.

අර්බුදයක් තිබුණද යේමන ජනතාවට ඔවුන්ගේ රට නැවත ගොඩනැගීමේ අවශ්‍යතාවක් තිබෙන බව මෙම ව්‍යාපාරයෙන් පෙනී යයි.

බලාපොරොත්තු සහගත අනාගතයක් මෙම ව්‍යාපාරයේ අරමුණ යැයි යේමනයේ අගනුවර වන සානා පදනම් කරගනිමින් ක්‍රියාත්මක ආර්ථික සංවර්ධන සංවිධානයේ විධායක අධ්‍යක්ෂ වේසම් කයිද් පැවසීය.

“මෙම ව්‍යාපාරයේ සාමාජිකයකු වීමට ලැබීම මට සතුටක්. ‘බි්‍රන්ග්දේව්බැක්’ කියන්නේ ඉතාමත් වැදගත් පණිවිඩයක්. යුද්ධය අවසන් කිරීම එයින් අදහස් වෙනවා. අනාගතය ගැන සිතන බව එයින් අදහස් වෙනවා. තරුණ පිරිස්වලට බලාපොරොත්තුවක් ඇති බව ඔවුන්ට රැකියා අවශ්‍ය බව එයින් අදහස් වෙනවා” යැයි කයිද් පැවසීය.

රට නිවැරැදි දිසාවට ගමන් කරවීමට උත්සාහ ගන්නා බව එයින් අදහස් වෙනවා යැයි ද කයිද් කීය.මානුෂීය ආධාර ප්‍රමාණවත් නොවන බවත් යේමනයට තවදුරටත් ප්‍රධාන පෙළේ ආයෝජන සහ මහා පරිමාණ නැවත ගොඩනැගීමක් අවශ්‍ය බව මෙම ව්‍යාපාරයෙන් පෙනී යනවා.

“යේමනයට නැවත සංවර්ධනය අවශ්‍යයි. අපට නැවත සංවර්ධනය අවශ්‍යයි. අපි හැම කෙනෙක්ම මේ ව්‍යාපාරයට සම්බන්ධ කරගන්න උත්සාහ කරනවා. විවිධ අදහස් තිබෙන විවිධ පසුබිම් තියෙන විවිධ දේශපාලන මතවාද තියෙන හැම කෙනෙක්ම මෙයට සම්බන්ධ කරගන්න අපි උත්සාහ කරනවා” යැයි ආර්ථික සංවර්ධන සංවිධානයේ ෆාරා අල් වසීර් කීය.

“යහපත් අධ්‍යාපනයක් සඳහා අපට සංවර්ධනය අවශ්‍යයි. ආහාර සහ ජලය සුරක්ෂිත කිරීමට අපට සංවර්ධනය අවශ්‍යයි. අපටත් තවදුරටත් රැකියා අවශ්‍යයි. ඒ වගේම අපට තවත් අයිතිවාසිකම් සහ නිදහස අවශ්‍යයි” යැයි ද ඇය තවදුරටත් කීවාය.

මෙම සමාජ මාධ්‍ය ව්‍යාපාරය දියත් කළ අවස්ථාවේ සිට බොහෝ පිරිස් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ යේමනය තුළ තිබෙන අර්බුද මොනවාද ඒවාට විසඳුම් සෙවිය හැක්කේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් බොහෝ පිරිස් අදහසක් දක්වා. යේමනය ගොඩනැගීමේදී අධ්‍යාපනය, රැකියා සහ සෞඛ්‍ය සේවා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි වැඩි දෙනකුගේ අදහස විය.

අනෙකා බලගැන්වූ සමාජ ව්‍යාපාර හා ප්‍රජා සම්බන්ධයෙන් ද මෙහිදි අදහස් පළ වී තිබිණි. යේමනයේ අනාගතයට සංවර්ධනය ඉතා වැදගත් බව මෙම සමාජ මාධ්‍ය ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින අබ්දුල්රහ්මාන් ෂර්හාන් පැවසීය.
“එය රැකියා අවසන් කිරීම සහ යුද්ධය අවසන් කිරීම සම්බන්ධවයි. මා සංවර්ධනය සඳහා සහාය වී තිබෙනවා. ගෙවිලියන් 800කට ආසන්න සංඛ්‍යාවට කෝපිවල ගුණාත්මකභාවය වැඩි කිරීමට මා සහාය වී තිබෙනවා. රටට හොඳ කෝපි අපනයනය කිරීමට අපි උනන්දු කරනවා. අපට මානුෂීය ආධාර අවශ්‍යයි. ඒ වගේම අපට සංවර්ධනයත් අවශ්‍යය” යැයි ෂර්හාන් කීවේය.

“මට නම් සංවර්ධනය යනු බලාපොරොත්තුවයි. සංවර්ධනය නොමැති රටක් කියන්නේ කිසිවක් නැහැ කියන එකයි” ෂර්හාන් තවදුරටත් පැවසීය.

හර්ෂණ තුෂාර සිල්වා
අල්ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS