බ්‍රිතාන්‍යයේ ඊශ්‍රායල තානාපතිවරයාට විරෝධයක්



බ්‍රිතාන්‍යයේ සිටින ඊශ්‍රායල තානාපතිවරයා විසින් ලන්ඩන් නුවර විශ්ව විද්‍යාලයකදී පවත්වනු ලැබීමට නියමිතව තිබූ දේශනයකට පන්ඩනයේ වෙසෙන පලස්තීන හිතවාදීන්ගෙන් බාධා එල්ල වූ බව ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

බ්‍රිතාන්‍යයේ ඊශ්‍රායල තානාපති මාර්ක් රෙගෙව් සිය දේශනය පැවැත්වීමට නියමිතව සිටියේ ජාතිවාදය සහ වර්ණභේදවාදය තේමා කරගනිමිනි. ඔහු දේශනය ඉදිරිපත් කිරීමට විශ්ව විද්‍යාලයට පැමිණීමට සැරැසුණේ විශ්ව විද්‍යාල ආචාර්ය මණ්ඩලයේ ආරාධනාවකට අනුව යැයි ද වාර්තා වේ.

විරෝධතා පැවැත්වූ පලස්තීන හිතවාදීන් කියා සිටියේ විශ්ව විද්‍යාලය තුළ ජාතිවාදය හෝ වර්ණභේදවාදය හෝ ඇවිළවීමට ඊශ්‍රායල තානාපති මාර්ක් රෙගෙව්ට කිසිදු අයිතියක් නොමැති බවත්, ඊට තමන් කිසිදු ඉඩක් ලබා නොදෙන බවත්ය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS