බ්‍රිතාන්‍ය හමුදා කඳවුරක් බහරේනයේ



පර්සියානු ගල්ෆ් රාජ්‍යයක් වන බහරේනයේ සල්මාන් වරාය ආශ්‍රිතව නාවික හමුදා කඳවුරක් පිහිටුවීමට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව සහ බ්‍රිතාන්‍ය  රජය කටයුතු කර ඇත.

නාවික හමුදා කඳවුර විවෘත කිරීම ඊයේ (6) සිදුවුණි. ඒ, බ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් පැමිණි ඇන්ඩෲ කුමරුන්ගේ ප්‍රධානත්වයෙනි. විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූයේ  බහරේන් ඔටුන්න හිමි සල්මාන් බින් හමාද් කුමරු යැයි ද පැවැසෙයි.

මෙම නාවික කඳවුර පිහිටුවා ඇත්තේ බහරේන් වෙරළ තීරයේය. 500 ක පිරිසකට කඳවුරේ පහසුකම් ඇති බව බ්‍රිතාන්‍ය ය රාජකීය නාවික හමුදාව පවසා ඇත. මහා බ්‍රිතාන්‍යය බහරේනයේ මෙලෙස නාවික හමුදා කඳවුරක් ස්ථාපිත කළේ බහරේන් රජයේ අවසරය පරිදිය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS