බ්‍රිතාන්‍ය නිලධාරිනිය ඝාතනය කරලා



ලෙබනනයේ බීරූට් නුවර බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරිනියක ඝාතනය කර ඇති බවත්, එම ඝාතනය සම්බන්ධයෙන් ලෙබනන කුලී රථ රියැදුරෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවත් වාර්තා වේ.

ඝාතකයට ලක් වී ඇත්තේ රෙබෙකා ඩෙකර් නමැත්තියයි. ඇය මළසිරුර මාර්ගයක් අසලින් සොයා ගන්නා ලදී. ඇයට ලිංගික හිරිහැර සිදුකර ගෙන සිර කළ මරා දමා ඇතැයි පොලිසිය පවසයි.

ලෙබනන් රජය සහ බ්‍රිතාන්‍ය රජය පොලිස් පරීක්ෂණවලට සම්බන්ධ වී කටයුතු කරන බව ද වාර්තා වේ.

රෙබෙකා ඩෙකර් 30 හැවිරිදි වියෙහි පසුවිය. ඇය ජාත්‍යන්තර සබඳතා දෙපාර්තමේන්තුව යටතේ බීරූට් අගනුවර බි්‍රතාන්‍ය තානාපති කාර්යාලයේ සේවය ආරම්භ කර ඇත්තේ මෙම 2017 වසර මුලදී යැයි ද පැවැසෙයි.

(බී.බී.සී.)

 


RECOMMEND POSTS