බ්‍රිතාන්‍ය කුමරුගේ මැදපෙරදිග සංචාරය



බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමරු සහ කේම්බ්‍රිජ් ආදිපාද වන විලියම් කුමාරයා මේ වසරේ එළැඹෙන ග්‍රීෂ්ම සෘතුවේ දී මැදපෙරදිග කලාපයේ නිල සංචාරයක නිරතවන බව රාජකීය කෙන්සින්ග්ටන් මාළිගය නිවේදනය ක⁣ළේය.

මෙම සංචාරයේ විලියම් කුමරු පලස්තීන අධිකාරියේ ,ඊශ්‍රාලයේ සහ ජෝර්දානයේ  සංචාරයේ නිරත වන අතර බබ්‍රිතාන්‍ය රජ පවුල නියෝජනය කරමින් පලස්තීන අධිකාරී භූමියට යන ප්‍රථම රාජකීයා ලෙස හෙතෙම ඉතිහාසගත වේ.පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් කල නිල ආරාධනයක් පිළිගනිමින් විලියම් කුමරු එම අධිකාරියේ සංචාරය කරනු ලබයි

එසේම දශක ගණනාවකට පසු රජ පවුලේ සාමාජිකයෙකු ඊශ්‍රාලයේ සහ ජෝර්දානයේ නිල සංචාරයේ නිරත වීමද විශේෂත්වයකි .

මෙම සංචරය සදහා විලියම් කුමරු ගේ බිරිද වන කේට් කුමරිය සහ ජොර්ජ් සහ චාර්ලට් කුමරා සහ කුමරිය එක් නොවන බවද රජ මාළිගය නිවේදනය කර සිටී.

එම මැදපෙරදිග රටවල් සමග දේශපාලන සහ සංස්කෘතික අංශයන් හි ද්විපාර්ශික සබදතා වර්ධනය කර ගැනීමට විලියම් කුමරු අපේක්ෂා කරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වේ.

මේ අතර විලියම් කුමාරයාගේ මෙම මැදපෙරදිග සංචාරය ගැන අගයමින් ඊඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද අදහස් පළ කර ඇත.

( තිළිණි ද සිල්වා )

ටෙලිග්‍රාෆ් ඇසුරෙනි.


RECOMMEND POSTS