බ්‍රිතාන්‍ය ඉරාන නායක හමුවක්



බි‍්‍රතාන්‍ය අගමැතිනි තෙරේසා මේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අතරවාරයේදී ඉරාන ජනාධිපති හසන් රොව්හානි හමුවීමට නියමිතය.

තෙරේසා මේ එහිදි ඉරාන අත්අඩංගුවේ පසුවන බි‍්‍රතාන්‍යය-ඉරාන ජාතික සහන සේවිකාවක වන නසානින් සගාහාරි රැට්ක්ලිෆ් නිදහස් කිරීම සම්බන්ධයෙන් ඉරාන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනු ඇතැයි පැවසේ.
ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී නායකයන් දෙදෙනා හමුවන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. 

නසානින් සගාහාරි රැට්ක්ලිෆ්ට වසර පහක සිර දඬුවමක් ලබාදීම සම්බන්ධයෙන් බි‍්‍රතාන්‍යය අගමැතිනිය ඉරාන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බි‍්‍රතාන්‍යයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.

‘‘නසානින් සගාහාරි රැට්ක්ලිෆ් නිදහස් කරගැනීම සම්බන්ධයෙන් අගමැතිනිය ඉරාන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරයි. මානුෂීය හේතු මත ඇය කළ යුතුව තිබෙනවා. අපි ඉන්නේ ඒ මතයේ’’ යැයි එම නිලධාරියා කීවේය.

නසානින් සගාහාරි රැට්ක්ලිෆ් තොම්සන් රොයිටර්ස් පදනමට සම්බන්ධව රාජකාරි කළ ව්‍යාපෘති කළමනාකාරිනියක වන්නීය. තම පවුල බැලීමට ගොස් නැවත බි‍්‍රතාන්‍යයට පැමිණීම සඳහා පැමිණි අවස්ථාවේදී ඇය තෙහ්රාන් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වූවාය. ඒ 2016 වසරේදීය. එම අවස්ථාවේ නසානින්ගේ දියණිය ද ඇය සමඟ වූවාය.

ඇය ඉරානයේ ආගමික සංස්ථාපනය (ආයතන පද්ධතිය) පෙරළා දැමීමට සැලසුම් කළ බවට චෝදනා එල්ල විය. නසානින් පවුල මෙන්ම තොම්සන් රොයිටර් පදනම ද එම චෝදනා ප‍්‍රතික්ෂේප කරයි.  තොම්සන් රොයිටර් පදනම තොම්සන් රොයිටර්ස් සහ රොයිටර්ස් නිව්ස් යන ආයතනවලින් පරිබාහිරව කි‍්‍රයා කරන ස්වාධීන පුණ්‍ය (සහන සේවා) සංවිධානයකි.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්


RECOMMEND POSTS