බ්‍රිතාන්‍ය ඇමැතිනිය ඉල්ලා අස්වෙයි



බ්‍රිතාන්‍ය රජයට නොදන්වා, පසුගිය අගෝස්තුවේ ඊශ්‍රායල දේශපාලනඥයන් පිරිසක් හමුවුණැයි චෝදනා ලැබ සිටි බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරිය (ඇමැතිනිය) ප්‍රීති පටෙල් අද (9) සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.

ප්‍රීති පටෙල් ඉන්දීය සම්භාවයක් ඇති බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ලේකම්වරිය ලෙස ඇය පසුගිය කාලයේ අප්‍රිකා කලාපීය රටවලට ආධාර ලබා දීම අධීක්ෂණය කළාය.

තමා පසුගිය අගෝස්තු පළමු වැනිදා, ඊශ්‍රායල දේශපාලනඥයන් හමුවුණු බව බ්‍රිතාන්‍ය පාලක කොන්සවර්ටිව් පක්ෂයේ ජනප්‍රිය දේශපාලනඥවරියක ද වන ප්‍රීති පටෙල් පිළිගෙන ඇති අතර ඒ වෙනුවෙන් ඇය බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා මේ ඇතුළු රජයෙන් සමාව ඉල්ලා තිබේ.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS