බ්‍රසීල කුකුළන්ට සෞදිය තහනම්



සෞදි ආහාර සහ ඖෂධ අධිකාරි මගින් බ්‍රසීලයෙන් මස් සහ කුකුලන් ආශ්‍රිත නිෂ්පාදනයන් ආනයනය කිරීම තහනම් කර තිබේ.

එයට හේතුවී ඇත්තේ ලොව පුරා පැතිර යන කුරුළු උණ රෝගි අවදානම් තත්වය බව අල්-මර්ෂඩ් ප්‍රවෘත්ති සේවය වාර්තා කලේය.

කුරුළු උණ රෝගි අවදානම වැලැක්වීමේ පියවරක් ලෙස බ්‍රසීලයේ කර්මාන්ත ශාලා හතරකින් ආනයනය කරන ලද මස් සහ  කුකුලන් ආශ්‍රිත නිෂ්පාදනයන් මිලදී නොගන්නා ලෙසට පාරිභෝගිකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති අතර එමගින් ජනතාවගේ අරක්ෂාව සහ ගල්ෆ් ප්‍රමිතීන් ක්‍රියත්මක කිරීම තහවුරු කිරීමටය.

බ්‍රසීල බලධාරීන් මේ වනවිට රාජ්‍ය නිලධාරීන් 33 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රධාන පෙලේ කාර්මාන්ත ශාලා තුනක් වසා දමා ඇති බව අල්-මර්ෂඩ් ප්‍රවෘත්ති සේවය වැඩිදුරටත් වාර්තා කලේය..

ජානක ප්‍රියදර්ශන ජයතිලක
ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි


RECOMMEND POSTS