බහරේන් විදේශ ඇමති සෞදියේ



බහරේන් විදේශ කටයුතු අමාත්‍ය, ෂයික් කලීඩා බින් අහමඩ් බින් මොහොමඩ් අල්-කලීෆා නිල සංචාරයක් සඳහා සෞදි අරාබියට පැමිණ ඇති බව වාර්තා වේ.

සෞදි රජු, සප්මන් බින් අබ්දුල්ලාසිස් අල්-සවුඩ් බහරේන් විදේශ කටයුතු අමාත්‍යවරයාව පිළිගැනීමෙන් අනතුරුව ගල්ෆ් කලාපයේ සංවර්ධනය සහ දෙරටේ සහයෝගිතාවය වර්ධනය කර ගන්නා ආකාරය පිළිබඳව සාකච්ඡා කර ඇත.

සෞදි රජු සහ විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවට අමාත්‍යවරු සහ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහභාගි වී සිටි බව වාර්තා වේ. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)


RECOMMEND POSTS