බහරේනයත් වැඩ අරඹයි



සිරියාවේ ඩමැස්කස් අගනුවර පිහිටුවා ඇති තම තානාපති කාර්යාලයේ කටයුතු යළි සාමාන්‍ය පරිදි සිදුවෙමින් පවතින බව බහරේන් රාජ්‍යය කියයි.

2011 වසරේ සිරියා ජනාධිපති බෂීර් අල් අසාද්ට එරෙහිව යුද්ධය ආරම්භ වීමෙන් පසු, තානාපති කාර්යාල බොහොමයක් වසා දැමුණු අතර තානාපතිවරුන් ආපසු ගෙන්වා ගෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ද නවතා දැමීය.

අද වනවිට අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සිරියානු රජයේ හමුදා සමත් වී සිටී. එහෙයින්, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ද ඉකුත්දා ඩමැස්කස් අගනුවර ඔවුන්ගේ තානාපති කාර්යාලය යළි විවෘත කළේය. බහරේනය සිරියාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ කළේ ඉන්පසුවය.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS