බහරේනය හඩ අවධි කරයි



සෞදි අරාබියේ දම්මම් නුවරට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරය බහරේන් රාජ්‍යය තරයේ හෙළා දකියි.

කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සෞදි අරාබිය දරන උත්සාහයන්ට සහයෝගය ලබාදෙන බව බහරේන් රාජ්‍යය පවසයි.

ආරක්ෂාව සහ ස්ථාවරත්වයට තර්ජනය වන ආකාරයේ සියලු උත්සාහයන්ට එරෙහිව සෞදි අරාබිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව බහරේන් විදේශ කටයුතු අමාත්‍යංශය අවධාරණය කළේ ය.

මෙම බියගුලු ත්‍රස්ත ප්‍රහාරය මැඩපැවැත්වීම සඳහා සෞදි ආරක්ෂක හමුදාවන්ගේ සුපරීක්ෂාකාරිත්වය අමාත්‍යාංශය පැසසුමට ලක් කර ඇත.

සියලු ආකාරයේ ප්‍රචණ්ඩ හා ත්‍රස්තවාදීක්‍රියාවන් බහරේන් රාජ්‍යය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත්,ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීමට සහ ත්‍රස්ත මූල්‍ය කටයුතු නතර කිරීමට කටයුතු කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවගෙන් බහරේන් රාජ්‍යයඉල්ලා සිටියේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS