බහරේන විපක්ෂයේ වත්කම් වෙන්දේසියට





බහරේන රජය විසින් තහනමට ලක් කර ඉන්පසු විසුරුවා හරිනු ලැබූ ‘අල් වෆෙක්’ විපක්ෂ දේශපාලන කණ්ඩායමට අයත් සියලු වත්කම් වෙන්දේසි කරන්නැයි එරට අධිකරණයක් නියෝග කළේය.
‘අල් වෆෙක්’ ෂියා මුස්ලිම් දේශපාලන කණ්ඩායමකි. මොවුන්ගේ මූලස්ථාන කාර්යාලය පිහිටා ඇත්තේ මනාමා නුවරය. ෂියා මුස්ලිම්වරුන් වෙසෙන ගම්මානවල ‘අල් වෆෙක්’ පක්ෂ කාර්යාල ද පිහිටුවා ඇත. මේ සියලු දේපාල වෙන්දේසි කරන්නැයි අධිකරණය තීන්දු කර ඇතැයි ඉරානයේ ප්‍රෙස් ටීවී පුවත් සේවය වාර්තා කරයි.
‘අල් වෆෙක්’ පක්ෂ නායක මෙන්ම ෂියා මුස්ලිම් ආගමික නායකයකු ද වන අලී සල්මාන් තවමත් පසුවන්නේ බහරේන් පාලකයන්ගේ අත්අඩංගුවේය.
අලී සල්මාන් අත්අඩංගුවට ගැණුනේ 2014 වසරේදීය. ඒ, ඔහු සාමකාමී අයුරින්, සුන්නි පාලකයන්ට එරෙහිව නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට උත්සාහ ගත් නිසාය. මෙම හේතුව නිසා අලී සල්මාන් සුන්නි පාලකයන්ගේ උදහසට ලක් විය.
ඉන්පසු අලී සල්මාන්ගේ ‘අල් වෆෙක්’ පක්ෂය විසුරුවා හැරීමටත්, එය තහනම් කිරීමටත් රජය කටයුතු කළේය. ඒ, එරට අධිකරණය හරහාය.


RECOMMEND POSTS