බහරේන පාපන්දු කී‍්‍රඩකයාට ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය



ලොව කාගේත් අවදානය දිනූ බහරේන ජාතික පාපන්දු කී‍්‍රඩක හකීම් අල් අරැුයිබිට  ඕස්ටේ‍්‍රලියාවේ පුරවැසිභාවය හිමිවිය.

ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන්ගේ ප‍්‍රධානත්වයෙන්,  ඕස්ටේ‍්‍රලියාවට පැමිණ, එරට පුරවැසිභාවය ඉල්ලා සිටි 200 දෙනකුට පුරවැසිභාවය ලබා දීම සිදුවිය. එම 200 දෙනා අතර, අල් අරැයිබි ද සිටී. පුරවැසිභාවය ලබා දීම වෙනුවෙන් පැවැති විභාගයේදී, අල් අරැුයිබි සියයට සියයක් ළකුණු ලබා ගත් බව ද පැවැසෙයි.

25 හැවිරිදි අල් අරැුයිබි බහරේනයෙන් පලා ආවේ 2014 දීය. ඒ, බහරේන් රජ පවුලේ සාමාජිකය ප‍්‍රසිද්ධියේ විවේචනය කිරීමත්, රජ පවුලේ උදහසට ලක්වීමෙන් පසු අල් අරැුයිබි වදබන්ධනයන්ට ලක්වීමෙන් ද පසුවය.

ඕස්ටේ‍්‍රලියාවට පැමිණි අල් අරැුයිබි  ඕස්ටේ‍්‍රලියා රජය විසින් සරණාගතයකු ලෙස හඳුනාගෙන එරට රැුඳී සිටීමට අවසර දුන්නේය. අල් අරැුයිබි  ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් පාපන්දු කී‍්‍රඩා කරන්න විය.

2018 නොවැම්බරයේ විවාහ වීමෙන් පසු මධුසමය වෙනුවෙන්, අල් අරැයිබි තායිලන්තයට ගිය අවස්ථාවේදී, තායිලන්ත බලධාරීන් ඔහු අත්අඩංගුවට ගත්තේය. ඒ, බහරේන රජයේ උපදෙස් පරිදිය.

අල් අරැයිබි වහා බහරේනයට පිටුවහල් කරන්නැයි බහරේනය තායිලන්තයෙන් ඉල්ලීමක් කළ නමුත් තායිලන්ත රජයට එය කළ නොහැකි විය. ජාත්‍යන්තරයෙන් එල්ල වුණු පීඩනය ඊට හේතුවයි. අවසානයේ දින 76 කට පසු අල් අරැයිබි නිදහස ලැබූ අතර, ඔහු යළි  ඕස්ටේ‍්‍රලියාව බලා ආරක්ෂිතව පැමිණියේය

මෙල්බර්න්හිදීය (රොයිටර්ස්).

 


RECOMMEND POSTS