බහරේන අධිකරණය විපක්ෂය තහනම් කිරීම අනුමත කරයි



බහරේන් රාජ්‍ය යේ ප්‍රධාන විරැද්ධ පක්ෂය වන ෂියා මුස්ලිම්වරුන්ගේ  අල් වෙෆාක් ජාතික ඉස්ලාමිය සංගමය තයනම් නරමින් පහළ උසාවියක් විසින් දී තිබූ තීරණය බහරේන අභියාචනාධිකරණය වසින්ද අද අනුමත කරන ලදී.

පසුගිය ජූනි මාසයේදී බහරේනයේ පහළ අධිකරණය අල් වෙෆාක් ජාතික ඉස්ලාමිය සංගමයේ කාර්යාලය වසා දමන ලෙස නියෝගයක් දී තිබුණි.

ඉන් මසකට පසුව ත්‍රස්තවාදයට රැකවරනය දීම, ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම, නිකායික අරගල උත්සන්න කරන විරෝධතාවලට අනුබල දිම යන චෝදනා යටතේ එම පක්ෂය විසුරැවා හැරීමට නියෝග කරන ලදී. ඊට අමතරව එම පක්ෂයේ අරමුදල් බහරේන රජයට පවරා ගන්නා ලෙසටද නියෝග කෙරුණි.

එම තීරණය එක්සත් ජාතින්ගේ සංවිධානය ඇතුළු ලොව පුරා ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල දැඩ ිවිවේචනයට ලක්විය.

ඊයේ දිනයේදී අභියාචනාධිකරණය විසින් දෙන ලද මෙම තීන්දුව ජාත්‍යන්තර ක්ෂමා (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්)  ආයතනයදැඩි ලෙස හෙළා දැක්කේය. එම තීන්දුව අදහස් ප්‍රකාශකිරීමේ අයිතියට බලවත් පහරක් බවද , සීමා රහිත ඒක පාර්ශවීය පාලනයක් කරා ගමන් කිරීමක් යයිද එම සංවිධානය පවසයි.


RECOMMEND POSTS