බහරේන පාපන්දු කී‍්‍රඩකයා ආපසු ඕස්ටේ‍්‍රලියාවට



බහරේනයේ ඉල්ලීම මත තායිලන්ත බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවුණු බහරේන ජාතික පාපන්දු කී‍්‍රඩක අල් ඇරෙයිබී නිදහස ලබා යළි  ඕස්ටේ‍්‍රලියාවට පැමිණියේය.

අල් ඇරෙයිබී වහා නිදහස් කර ආපසු  ඕස්ටේ‍්‍රලියාවට යවන්නැයි ජාත්‍යන්තරයෙන් තායිලන්ත රජයට බලපෑම් එල්ල විය. අල් ඇරෙයිබීට නිදහස ලැබුණේ දිගින් දිගටම එල්ල වුණු බලපෑම් හේතුවෙනි. ඒ අනුව නොවැම්බරයේ සිට තායිලන්ත බලධාරීන්ගේ අත්අඩංගුවේ පසුවුණු අල් ඇරෙයිබී මේ වනවිට  ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බර්න් බලා පැමිණ සිටින බව වාර්තා වේ.

අල් ඇරෙයිබී බහරේනයෙන් පලා ගොස් ඇත්තේ, 2014 දීය.  ඕස්ටේ‍්‍රලියානු රජය අල් ඇරෙයිබී සරණාගතයකු ලෙස පිළිගත්තේය.  ඕස්ටේ‍්‍රලියාවේදී විවාහ වී මධුසමයට තායිලන්තයට ගිය අවස්ථාවේදී, බහරේන රජයේ උපදෙස් මත තායිලන්ත බලධාරීන් අල් ඇරෙයිබී අත්අඩංගුවට ගෙන රඳවා තබා ගත්තේ යළි බහරේනයට පිටුවහල් කිරීමේ අරමුණින්ය. බහරේනයට පිටුවහල් කෙරුණේ නම් අල් ඇරෙයිබී වධ බන්ධනයට ලක් වී මරණයට පත් වනු ඇත.

මෙල්බර්න්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS