බස්රථයක් පෙරළි හතක් මරුට



සිරියාවේ හෝම්ස්-ඩැමස්කස් අධිවේගි මාර්ගයේ ෂින්ෂා පාලම ආසන්යේදි බස්රථයක් පෙරළීම හේතුවෙන් පුද්ගලයින් හත් දෙනෙක් (07) ජීවිතක්ෂයට පත් වීවිසි හතර (24) දෙනෙක් තුවාල ලබා ඇති බව සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය.

අධික වේගයකින් බස්රථය ධාවනය කළ බවත් රියදුරාට බස්රථය පාලනය කරගැනීමට නොහැකි වී පාරෙන් ඉවතට පැන පෙරළි ගිය බව බස්රථයේ සිටි මඟියෙක් ප්‍රකාශ කළේය.

සිවිල් ආරක්ෂක බලකාය පැමිණ තුවාලකරුවන් හොම්ස් රෝහලට ඇතුල් කිරීමට කටයුතු කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය) 


RECOMMEND POSTS