බස් ගින්නෙන් 20 මරුට: 29 කට තුවාල



සෞදි අරාබියේ අසීර් ප්‍රාන්තයේ සිදු වු බස් රථ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයටපත් වී ඇති බව වාර්තා වේ.

එම අනතුරින් පුද්ගලයින් 29 දෙනෙක් තුවාල ලබා ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ය.

කමිස්මුෂායිට් නගරයේ සිට අබා නගරය දක්වා ගමන් කරමින් තිබූ බස් රථයේ තිරිංග ක්‍රියාවිරහිත වීම හේතුවෙන් මාර්ගයේ ඉවතට පැන බාධකයක ගැටීමෙන් පසු පෙරළී ගොස් ගිනි ගෙන ඇත.

අනතුර සම්බන්ධයෙන් සෞදි පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

කඳුකර ප්‍රදේශයක් හරහා වැටී ඇති මෙම මාර්ගයේ උමං 11 කින් සහ පාලම් 32 කින් සමන්විත බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය සඳහන් කරයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(GDN Online - අසීර් නගරය)

RECOMMEND POSTS