බලාගාරයේවැඩට බලපත්‍ර දෙයි



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ ඉදිකරනු ලබන න්‍යෂ්ටික බලාගාරයේ වැඩ කිරීම බලපත්‍ර ලබා දී ඇති බව වාර්තා වේ.

ජ්‍යෙෂ්ඨ ප්‍රතික්‍රියාකාරක ක්‍රියාකරු සහ ප්‍රතික්‍රියාකාරක මෙහෙයුම්කරු යන තනතුරු සඳහා එමිරේට්ස් ඉංජිනේරුවන් විසි දෙදෙනෙක්ට මේවනවිට බලපත්‍ර ලබාදීමට එමිරේට්ස් න්‍යෂ්ටික නියාමන ෆෙඩරල් අධිකාරිය කටයුතු කර ඇත.

අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ  හමුදා ප්‍රධානි, ෂෙයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන්ඉංජිනේරුවන් විසි දෙදෙනෙක්ගෙන් යුත් කණ්ඩායම මුණගැසී ඇති අතර ලොව පුරා ඇති ඕනෑම න්‍යෂ්ටික බලාගාරයක වැඩ කිරීමේ හැකියාව ඇති බවට කුමරු විශ්වාසය පළ කරයි.

පළමු කණ්ඩායමට කාන්තාවන් දෙදෙනෙක් ඇතුළුව ඉංජිනේරුවන් 15 දෙනෙක් සහ දෙවන කණ්ඩායමට ඉංජිනේරුවන් 7 ඇතුලත් වෙයි.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, අබුඩාබි නුවර)

RECOMMEND POSTS