බලශක්ති ගිවිසුමට විරෝධයක්



ජෝර්දානය සහ ඊශ්‍රායලය අතර ඇති කර ගත්, බලශක්ති ගිවිසුමට විරෝධය දැක්වීම සඳහා සිය ගණනක් දෙනා ජෝර්දානයේ අම්මාන් අගනුවරට රැස් වූ බව වාර්තා වේ.

මෙම ගිවිසුම ක්‍රියාත්මක වුවහොත්, වසර 27 කට පසු දෙරට අතර සිදුවන විශාලතම සහයෝගීතා ව්‍යාපෘතිය මෙය වනු ඇති බව ද පැවැසෙයි.

ගිවිසුම ට අනුව ජෝර්දානයේ සූර්ය බලශක්ති බලාගාරයකින් උත්පාදනය කෙරෙන විදුලිය මෙගාවොට් 600ක් සඳහා ඊශ්‍රායලයෙන් ලවණ කළ ජලය ඝන මීටර් මිලියන 200 (ඝන අඩි බිලියන 7.06) ලැබීම සිදුවෙයි.

ජෝර්දානය ඔවුන්ගේ සූර්ය බලශක්ති බලාගාරය නිපදවා ඇත්තේ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ අරමුදල්වලිනි.

(අල් ජසීරා)


RECOMMEND POSTS