බලශක්ති උද්‍යානයක් ඉදිකරයි



සෞදි අරාබියේ නැගෙනහිර පළාතේ බලශක්ති උද්‍යානයක් ඉදිකිරීම සඳහා සෞදි ඔටුන්න හිමි කුමරු, නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක ඇමති, මොහොමඩ් බින් සල්මන් මුල්ගල තබන බව සෞදි ගැසට් වෙබ් අඩවිය වාර්තා කර ඇත.

බලශක්ති උද්‍යානය අදියරයන් තුනකින් ඉදිකර අවසන් කිරීමට සැළසුම් කර ඇත. වර්ග කිලෝමීටර් 50ක භූමි ප්‍රමාණයක් යොදාගැනීමට නියමිත අතර ඇමරිකානු ඩොලර් බිලියන 1.6ක මුදලක් අරම්කෝ සමාගම ආයෝජනය කරන බව සඳහන් කර ඇත. 

බලශක්ති උද්‍යානය ඉදිකිරීමෙන් රැකියා 100,000 වැඩි ප්‍රමාණයක් උත්පාදනය කිරීමේ හැකියාව පවතින බව අරම්කෝ සමාගම ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(සෞදි ගැසට්)  


RECOMMEND POSTS