බලයට ආවොත් ජනපති බලතල කප්පාදු කරනවා



එලැඹෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ජයග්‍රහණය කළොත්. ජනාධිපති බලතල කප්පාදු කිරීමට තමන් බලාපොරොත්තු වන බව තුර්කි විපක්ෂ සන්ධානය ප්‍රතිඥා දී තිබේ.

තුර්කි විපක්ෂ සන්ධානය නිර්මාණය වී ඇත්තේ එරට විපක්ෂ දේශපාලන කණ්ඩායම් හයක් එක්වෙමිනි. එම දේශපාලන පක්ෂවල නායක නායිකාවන්ගේ විශේෂ හමුවක් පැවැත්විණි.

එහිදී තමන් බලයට පත්වුවහොත් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීම සිදුවන ආකාරය සහ තුර්කියේ අනාගත දේශපාලන දැක්ම ඇතුළත් පිටු 240 කින් යුත් නව ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළිදැක්වීම ද සිදුවිය.

එලැඹෙන පෙබරවාරි 13 වැනිදාට පෙර, විපක්ෂ සන්ධානය ජනාධිපති ධුරයට තරග වැදීමට පොදු අපේක්ෂකයකු නම් කිරීමට ද බලාපොරොත්තු වෙයි. එලැඹෙන ජනාධිපතිවරණයේ දිගටම ජනාධිපති ධුරයේ රැඳී සිටීමට උත්සාහ ගන්නා රිජෙප් තායිප් එර්දොවාන්ට එරෙහිව සටන් වදිනු ඇත්තේ මෙම අපේක්ෂකයාය.

(රොයිටර්)


RECOMMEND POSTS