බලපෑම් කරන්න කාටවත් බෑ



තම සංවිධානයට බලපෑම් කිරීමට කිසිවකුට හැකියාවක් නැතැයි හමාස් නායක යහ්යා සින්වාර් අවධාරණය කර තිබේ.

‘අවි බිම දමන්න හෝ ඊශ්‍රායලය පිළිගන්න හෝ අපට බල කරන්න මේ විශ්වයේ කිසිවකුට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි අපේ ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් කැපවෙලා දිගටම කටයුතු කරනවා. තීන්දු තීරණ ගන්නවා’ යැයි යහ්යා සින්වාර් වැඩි දුරටත් කියා සිටී.

හමාස් නායක යහ්යා සින්වාර් මෙසේ පවසා ඇත්තේ, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් විදෙස් කටයුතු සම්බන්ධයෙන් පත් කර ඇති විශේෂ නියෝජිත ජේසන් ග්‍රීන්බ්ලැට් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙනි.

ජේසන් ග්‍රීන්බ්ලැටට් පවසා ඇත්තේ හමාස් සංවිධානය අවි බිම දැමීමටත්, කොන්දේසි විරහිතව ඊශ්‍රායලය පිළිගැනීමටත් කටයුතු කළ යුතුයි කියාය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS