බලපත්‍ර දර්ශකයේ දෙවන තැන



කුවේට් විදේශ ගමන් බලපත්‍රය හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ගල්ෆ් කලාපයේ රටවල් අතුරින් දෙවන ස්ථානයට හිමිකරගැනීමට සමත් වී ඇත.

ලෝකයේ රටවල් අතුරින් පනස් හයවන (56) ස්ථානය හිමි කරගැනීමට කුවේට් විදේශ ගමන් බලපත්‍රය සමත් වී ඇත.

කුවේට් ජාතිකයන්ට පුර්ව වීසා ලබාගැනීමකින් තොරව රටවල් 91කට සංචාරය කළ හැකි ය.

හෙන්ලි විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට ජපානය සමත් වී ඇති අතර රටවල් 190කට පුර්ව වීසා ලබාගැනීමකින් තොරව ගමන් කිරීමේ හැකියාව ලැබෙයි.

විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ දෙවන ස්ථානය සිංගප්පුරුවටද තෙවන ස්ථානය දකුණු කොරියාවද හිමි කර ගෙන ඇත.  

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS