බලපත්‍ර දර්ශකයේ 7 වන තැන



එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍රය “ආටන් කැපිටල් විදේශ ගමන් බලපත්‍ර දර්ශකයේ’’ හත්වන ස්ථානය හිමිකරගැනීමට සමත් වී ඇත.

ගල්ෆ් කලාපයෙන් ප්‍රථම ස්ථානය හිමිකරගැනීමට එමිරේට්ස් විදේශ ගමන් බලපත්‍රය සමත් වී ඇති අතර පුර්ව විසා ලබාගැනීමකින් තොරව රටවල් 159කට ගමන් කිරීමේ අවස්ථාව එමිරේට්ස් වැසියන්ට හිමි වේ.

එමිරේට්ස් සහ මෙක්සිකානු පුරවැසියන්ට වීසා ලබාගැනීමකින් තොරව රටවල් දෙකේ සංචාරය කිරීමට හැකිවන පරිදි එක්සත් අරාබි එමීරේට්ස් විදේශ කටයුතු හා ජාත්‍යන්තර සහයෝගීතාව අමාත්‍යවරයා සහ මෙක්සිකෝ විදේශ කටයුතු පිළිබඳ ලේකම්වරයා අතර රාජ්‍යතාන්ත්‍රිකඅවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කළේය.

ජානක ප්‍රියදර්හන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින්)


RECOMMEND POSTS