බලපත්‍ර කාලසීමාව දීර්ඝ කරයි



කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නේවාසික සහ වීසි බලපත්‍රවල කාලසීමාව මාස තුනකින් දීර්ඝ කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.

ජුනි මාසයේ අවසන් වන නේවාසික සහ වීසා බලපත්‍රවල කාලසීමාව අගෝස්තු 31 දක්වා දීර්ඝ කර ඇති අතර, බලපත්‍රවල කාලසීමාව දීර්ඝ කිරිමේ යෝජනාවට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය, අනස් අල්-සාලේ අත්සන් තබා ඇත.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් විදේශි ශ්‍රමිකයන්ට මුහුණදීමට සිදුවන අපහසුතාවයන් වැළැක්වීම සඳහා අදාල දීර්ඝ කිරීම සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, කුවේට් නගරය)

RECOMMEND POSTS