බලපත්‍ර 44,000 ස්වයංක්‍රීයව අලුත් කරලා



එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ බලපත්‍ර 64,605 නිකුත් කර ඇති බව වාර්තා වේ.

2020 වර්ෂයේ මුල් මාස පහ තුල නිකුත් කරන ලද බලපත්‍ර සංඛ්‍යාවෙන් 44,127ක් ස්ව්‍යංක්‍රීය සේවාව හරහා නිකුත් කර ඇති බව ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහ බලපත්‍ර නිකුත් කිරිමේ අධිකාරිය පැවසීය.

ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ බලපත්‍ර නිකුත් කිරීම 2019 වර්ෂයට සාපේක්ෂව 68%කින් ඉහළ ගොස් ඇති බව අධිකාරිය වැඩිදුරටත් පැවසීය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(එමිරේට්ස් 247, ඩුබායි නුවර)

RECOMMEND POSTS