බර්ජ් කලීෆා ජාතික දිනයට හැඩ වෙයි



බහරේන් ජාතික දිනය නිමිත්තෙන් ලොව උසම ගොඩනැගිල්ල වන බර්ජ් කලීෆා දෙසැම්බර් 16 දින වර්ණවත් වී තිබු බව වාර්තා වේ.

බහරේන් ජාතික ධජයේ ඇති වර්ණවලින්මීටර් 828.6ක් උස කලීෆා ගොඩනැගිල්ල විනාඩි 30ක කාලයක් ආලෝකමත් වතිබු බව සඳහන් වේ.

බහරේන් ජාතික දිනය වෙනුවෙන් එමිරේට්ස් උප-ජනාධිපති,අග්‍රාමාත්‍ය සහ ඩුබායි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල්-මක්ටුම් සහ අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ ආරක්ෂක ප්‍රධානි, ෂෙයික් මොහොමඩ් බින් සෙයිඩ් අල්-නහියන් සුභ පැතුම් එක්කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS