බර්ජ් කලීෆා ඕස්ටේ‍්‍රලියානුවන් වෙනුවෙන්



ළැව් ගිනි හේතුවෙන් විපතට පත්  ඕස්ටේ‍්‍රලියානුවන් වෙනුවෙන් ලොව උසම කුලූන ලෙස සැලකෙන බර්ජ් කලිෆා කුලූන වර්ණවත් විය.

ඕස්ටේ‍්‍රලියාවේ ළැව් ගිනි තවමත් අවසන් වී නැත. මේ වනවිට හෙක්ටයාර් මිලියන 10 ක් ළැව් ගිනිවලින් විනාශ වී ඇතැයි වාර්තා වේ. ළැව් ගිනි අනතුරු හේතුවෙන් මියගිය  ඕස්ටේ‍්‍රලියානුවන් ගණන 28 කි. විනාශ වූ නිවාස ගණන 2,000 කි.

විපතට පත් වුණු  ඕස්ටේ‍්‍රලියානුවන් වෙනුවෙන් සහාය දීමට එමිරේට්ස් අඩ සඳ සංවිධානය ඉදිරිපත් වී සිටින බව ද වාර්තා වේ.

(එන්.ඞී.ටීවී.)


RECOMMEND POSTS