බරම ගැහැනිය අබුඩාබියේ



ලොව බරම ගැහැනිය ලෙස කාගේත් අවධානයට ලක්ව සිටින ඊජිප්තු ජාතික තරුණිය එමාන් අහ්මද් එල් අටී පසුගිය දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී විශේෂ මාධ්‍ය හමුවකට පෙනී සිටියාය.

එමාන් අහ්මද් එල් අටී අබුඩාබි නුවරට පැමිණ සිටින්නේ, ඉන්දියාවේ සිට සිරුරේ බර අඩු කර ගැනීම සඳහා විශේෂ සැත්කමකට ද භාජන වීමෙන් පසුවය. ඇය වැඩිදුර ප්‍රතිකාර ලබන්නේ අබුඩාබි නුවරය.

තමන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් වෙනුවෙන් ස්තුති කිරීමට ද එමාන් අහ්මද් එල් අටී අමතක නොකළාය.

අධික බර හේතුවන් එමාන් අහ්මද් එල් අටී ඇඳට සීමා වූ තරුණියකි. ඇය ඉන්දියාවට ගෙන යන ලද්දේ විශේෂ ඇඳක් යොදා ගනිමිනි. සැත්කමින් පසු එමාන් අහ්මද් එල් අටීගේ සිරුරේ බර අඩු වී ඇතැයි වෛද්‍යවරු පවසති.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS