බන්ධනාගාරයේ හදිසි මෙහෙයුමක්



කුවේට් හි පිහිටි මධ්‍යම බන්ධනාගාරයේ හදිසි වැටලීමකින් රහසිගතව පවත්වා ගෙන යන ලද විශාල පරිමාණයේ  මත්ද්‍රව්‍ය ජාවාරමක් හෙළි කරගැනීමට විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට හැකි වි ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

බන්ධනාගාරය තුල සාදන ලද ගැඹුරු වලකසඟවා තිබියදි විශාල මත්ද්‍රව්‍ය ප්‍රමාණයක්, ඩ්‍රෝනායානා කීපයක් සහ ජංගම දුරකථන 1056ක් නිල සුනඛයන් සොයාගෙන ඇත.

සොයාගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම පමණක් කුවේට් ඩිනාර් මිලියන 1.5ක් වන බව කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

විශාල මත්ද්‍රව්‍ය තොගයක් බන්ධනාගාරය තුලට පැමිණියේ කෙසේද යන්න සොයා බැලීමට පරීක්ෂණයක් ආරම්භ කරන බවත් වැරදිවලට සම්බන්ධ සියලු දෙනාට දඩුවම් ලබාදෙන බව කුවේට් අභ්‍යන්තර කටයුතු නියෝජ්‍ය අමාත්‍ය, ෂයික් කලීඩ් අල්-ජරා ප්‍රකාශ කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS