බන්ධනාගාරයෙන් පනින්න හදලා



ඊසානදිග සිරියාවේ බන්ධනාගාරයකින් විදේශීය අයි.එස් සටන්කාමීන් පැන යන්න උත්සහ කර ඇති බව වාර්තා වේ.

බන්ධනාගාරයේ අභ්‍යන්තර බිත්ති සහ දොරවල් කඩා බිඳ දමා, මුළු මහලක්ම ත්‍රස්තයන්ගේ පාලනයට ගෙන පලා යාමට උත්සාහ කළ බව කුර්දි නායකත්වයෙන් යුත් හමුදාව පවසනවා.

අතිරේක භට පිරිස් යොදවා තත්ත්වය පාලනය කර ගැනීමට සමත් වි ඇති අතර, බන්ධනාගාරයෙන් පළා යෑමට උත්සාහ කළ සටන්කාමීන්ගේ ජාතිකත්වය පිළිබඳව තොරතුරු ආරක්ෂක අංශ ලබා දී නොමැත.

මෙම බන්ධනාගාරයේ සිරියානු සහ විදේශිය සිරකරුවන් 5,000කට ආසන්න පිරිසක් රඳවා සිටින බවට විශ්වාස කෙරේ.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ඉන්ඩිපෙන්ඩන්ට්, බේරූට් නුවර)

RECOMMEND POSTS