බදු සමාලෝචනයක් නෑ: මුදල් ඇමති කියයි



එකතු කළ අගය මත බදු (වැට් බදු) වැඩි කිරීම සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුනොකරන බව සෞදි මුදල් අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

සෞදි ආර්ථිකය ස්ථාවර මට්ටමකින් පවත්වා ගෙන යෑම සඳහා වැට් බදු 15% දක්වා වැඩි කිරීමට රජය කටයුතු කළේ ය.

බදු වැඩිකිරීම ඉතා අපහසු දෙයක් බවත්, බදු වැඩිකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව ජී20 සමුළුව අමතමින් මුදල් අමාත්‍ය, මොහොමඩ් අල් ජඩාන් සඳහන් කළේ ය.

කෙසේවෙතත්, කොරෝනා වසංගතය අවසන් වීමෙන් පසු, වැට් බදු වැඩි කිරීම සම්බන්ධයෙන් සමාලෝචනය කළ හැකි බවට වැඩබලන තොරතුරු අමාත්‍ය, මජිඩ් බින් අබ්දුල්ලා අල් කසාබි ප්‍රකාශයක් සිදුකර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, රියාද් නුවර)

RECOMMEND POSTS