බදු අයකිරීම කල් දමන්නේ නෑ



එකතු කල අගය මත බද්දහෙවත් වැට් බදු අය කිරීම කල් දැමීමට කිසිදු සැලසුමක් නොමැති බව ඕමාන් මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.

වැට් බදු අයකිරීම ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ගිවිසුමට අනුකූලව සිදුකරන බවත්,වැට් බදු අය කිරීමට අදාල නීතිමය ක්‍රියා පටිපාටි සම්පූර්ණ කිරීමට කටයුතු කරමින් සිටින බව අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත.

දැනට බදු අය කිරීමට අදාල පරිපාලන සහ තාක්ෂණික කටයුතු අවසන් කර ඇති බව ඕමාන් බදු අධිකාරි කාර්යාලය ප්‍රකාශ කළේ ය. 

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, මස්කට් නුවර)

RECOMMEND POSTS