බඩෙන් දියමන්ති මතුවෙයි



එක්සත් අරාබි එමිරේට්ස්ට් රාජ්‍යයට ඇමරිකානු ඩොලර් 90,000ක් වටිනා දියමන්නි නීතිවිරෝධිව රැගෙන යෑමට උත්සහ කර ඇති බව වාර්තා වේ.

සාජා ගුවන්තොටුපොලේ රේගු නිලධාරීන් අප්‍රිකානු ජාවාරම්කරු පරීක්ෂා කළ අවස්ථාවේදි ඔහුගේ උදරයේ තිබී ප්ලාස්ටික් බෑග් තුනක සඟවන ලද ග්‍රෑම් 297ක් බර දියමන්ති තොගය සොයා ගෙන ඇත‍.

ජාවාරම්කරු ජංගම දුරකථන සමාගමක සේවය කරන පුද්ගලයෙක් බව අනාවරණය කරගෙන ඇති අතර කිහිප වතාවක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණ ඇත.

නීතිවිරෝධී ලෙස දියමන්ති රැගෙන යෑමට උත්සාහ කළ පළමු අවස්ථාව බව ජාවරම්කරු ප්‍රකාශ කර ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින්, ඩුබායි නුවර)

RECOMMEND POSTS