බටහිර එන්නත් එපා



ඇමෙරිකාව හෝ මහා බ්‍රිතාන්‍යය හෝ නිපදවා ඇති 'කොවිඩ්19' ප්‍රතිශක්තිකරණ එන්නත් ඉරානයට අවශ්‍ය නොවන බව එරට උත්තරීතර නායක අයතුල්ලා අලී කොම්නී පවසයි.

උත්තරීතර නායක අයතුල්ලා අලී කොම්නී මෙසේ පැවැසුවේ, ඉරාන ජාතික රූපවාහිනියෙන් එරට වැසියන් අමතමිනි.

බටහිර රටවල් නිපදවා ඇති එන්නත් ඉරාන රජය විසින් මිලදී නොගනු ඇති බවත්, චීනය, රුසියාව සහ ඉන්දියාව නිපදවන එන්නත් කෙරෙමි අවදානය යොමු කරන බවත් අලී කොම්නී පැහැදිලි කර ඇත.

මේ වනවිට ඉරාන විද්‍යාඥයන් ද එරට සම්පත් සම්පත් සහ තාක්ෂණය යොදා ගනිමින් එන්නතක් නිපදවා ඇති අතර ඉදිරියේ දී එය සායනික අත්හදා බැලීම් සඳහා යොදා ගැනීමට නියමිතය.

(අල් ජසීරා)


RECOMMEND POSTS