බටහිර ඉවුරේ පුංචි ඡන්දයක්



බටහිර ඉවුරේ නගරසභා මැතිවරණයක් පැවැත්වුණු අතර, පලස්තීනුවෝ මහත් උනන්දුවකින් ඊට සහභාගී වූහ. බටහිර ඉවුරේ මේ අයුරින් නගරසභා මැතිවරණයක් පැවැත්වූයේ වසර ගණනාවකිනි.

මෙම මැතිවරණය පාලක ‘ෆාතා’ පක්ෂය සහ ප්‍රතිවාදී හමාස් සාමාජිතයන් අතර ද්වන්ධ සටනක් වූ බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති. ෆාතා නායකයා මෙන්ම පලස්තීන පාලන අධිකාරියේ නාකයා ද වන්නේ පලස්තීන ජනපති මොහොමද් අබ්බාස්ය.

ප්‍රදේශීය සභා 145 කට නියෝජිතයන් පත් කර ගැනීමේ අරමුණ ඇතිව මැතිවරණය පැවැත්විණි. ලක්ෂ අටකට ආසන්න පලස්තීනුවන් පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කළ බව වාර්තා විය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS