බටහිර ඉවුරේ නිවාස එපා



පලස්තීනුවන් වෙසෙන බටහිර ඉවුරේ අත්පත් කරගත් ප්‍රදේශවල නිවාස ඉදිකිරීමෙන් වළකින්නැයි යුරෝපා සංගමයත්, එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඊශ්‍රායලයට අනතුරු ඇඟවීමක් කර තිබේ.

ඊශ්‍රායලය බටහිර ඉවුරේ ඔවුන් විසින් අල්ලා ගනු ලැබ ඇති ප්‍රදේශවලග නිවාස ඉදි කරන්නේ ඇමෙරිකාවේ ආශිර්වාදය සහිතවය.

යුරෝපා සංගමය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය තරයේ පවසා ඇත්තේ ඊශ්‍රායලයේ මෙම ක්‍රියා කලාපය කිසිසේත් අනුමත කළ නොහැකි බවත්, එය ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග සාමයට බාධාවක් වනු ඇති බවත්ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS