බටහිර ඉවුරේ නව නිවාස ව්‍යාපෘතියට පලස්තීන විරෝධය !



ඊශ්‍රායලය බටහිර ඉවුරේ නව  නිවාස 3,000ක් ඉදිකරන බව නිවේදනය කර තිබේ.

මෙලෙස බටහිර ඉවුරේ නිවාස ඉදිකිරීමට පලස්තීනය ඊයේ දිනයේ දැඩි විරෝධය එල්ලකල අතර නිවේදනයක් නිකුත්කරමින් ඊශ්‍රායල රජය කියා සිටින්නේ තමන් කෙසේ හෝ මෙම නිවාස ඉදි කිරීම සිදුකරන බවයි.

කෙසේ වෙතත් ජනාවාස ඉදිකිරීම පිළිබදව සති දෙකක් තුළ ඊශ්‍රායලය නිවේදනය කළ හතරවන අවස්ථාව මෙයයි. මෙම ඉදිකිරීම් සදහා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සහාය ලබා දෙන බව පවසා තිබේ.

නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ ජාත්‍යන්තර නීති රීති අනුව මෙම ඉදිකිරීම් නීති විරෝධී බවයි.

ඊශ්‍රායලයට හා පලස්තීනයට අයත්වන බටහිර ඉවුරේ නව ජනාවාස ඉදිකිරීම පිළිබඳ යෝජනාව ඊශ්‍රායල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමග මෙසේ පලස්තීන විරෝධය උත්සන්න වුණා. මෙම ඉදිකිරීම් හේතුවෙන් ඊශ්‍රායලය, බටහිර ඉවුරෙන් සැළකිය යුතු ප්‍රදේශයක් අත්පත්කර ගන්නා බවයි පලස්තීනය පවසන්නේ. මෙම ජනාවාස ඉදිකිරීම ජාත්‍යන්තර නීති රීති වලට ද පටහැනි බව මීට පෙර එක්සත් ජාතීන්ගේ සංවිධානය ද පෙන්වා දුන්නා. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මේ වන විට ව්‍යාපෘතියට අනුමැතිය ලබා දී ඇත.

 

( තිළිණි ද සිල්වා )
බී.බී.සී ඇසුරෙනි....

 


RECOMMEND POSTS