බටහිර ඉවුරේ නගර වැසේ



පලස්තීන පාලන අධිකාරය යටතේ පවතින බටහිර ඉවුරේ නගර කීපයක් ‘කොවිඩ් 19’ වයිරස ආසාදිතයන් හමුවීමත් සමග වසා දැමීමට පියවර ගෙන ඇත.

වසා දමා ඇත්තේ හෙබ්රෝන් සහ නබ්ලුස් යන නගරය. පලස්තීන අගමැති මොහොමද් ෂට්යා කියා සිටියේ මෙම නගර දෙකෙන් නව ආසාදියන් 86 දෙනකු වාර්තා වීමත් සමග මෙම තීරණය ගත් බවය.

හෙබ්රෝන් නගරය පැය 48 ක් සඳහාත්, නබ්ලුස් නගරය දින පහක් සඳහාත් වසා දැමීම සිදුවෙයි. මේ වනවිට බටහිර ඉවුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 687 කි. වාර්තා වී ඇත්තේ මරණ දෙකක් පමණි.

ජෙරුසලමේදීය (රොයිටර්)


RECOMMEND POSTS