බටහිර ඉවුරේ කොරෝනා 7 ක්



පලස්තීනයට අයත් බටහිර ඉවුරෙන් කොරෝනා ආසාදිතයන් 7 දෙනකු හමුවුණු බව පලස්තීන පාලන අධිකාරිය නිවේදනය කළේය.

‘කෝවිඞ් 19’ කොරෝනා වයිරස ආසාදිතයන් හමුවීමත් සමඟ සංචාරකයන්ට සති දෙකක තහනමක් පැනැවීමට පියවර ගන්නා බව ද පලස්තීන පාලන අධිකාරිය දන්වා ඇත. ආසාදිතයන් හමුවී ඇත්තේ දකුණු ජෙරුසලමේ බෙත්ලෙහෙමෙනි.

හමුවුණු එම ආසාදිතයන් 7 දෙනා නිරෝධානය ක්‍රියාවලියකට යොමු කළ බවත්, ඔවුන් ගැන විමසිල්ලෙන් පසුවන බවත් පලස්තීන අමාත්‍ය මායි අල් කලීයා පවසා තිබේ.

බටහිර ඉවරේදීය (රොයිටර්)


RECOMMEND POSTS