බටහිර ඉවුරෙන් භාගයක් පලස්තීනුවන්ට



බටහිර ඉවුරෙන් භාගයක් පලස්තීනුවන්ට ලබා දෙමින්, ‘අබු දිස්’ පලස්තීනයේ අගනුවර ලෙස නම් කිරීමේ සාම සැලැසුමක් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් හඳුන්වා දීමට සැරැසෙයි.

අබු දිස් පලස්තීනයේ අගනුවර ලෙස නම් කර, බටහිර ඉවුරෙන් අඩක් පලස්තීනුවන්ට ලබා දෙන්නේ එම ප්‍රදේශයේ ස්වෛරීත්වය මුළුමනින්ම පලස්තීනුවන්ට හිමිවන අයුරින් යැයි ට්‍රම්ප්ගේ සාම සැලැස්මේ සඳහන් වෙයි.

මේ බව අනාවරණය කර තිබෙන්නේ ඊශ්‍රායල බුද්ධි අංශ යැයි විදෙස් පුවත් සේවා පෙන්වා දෙයි. ජනාධිපති ට්‍රම්ප්, ඊශ්‍රායලයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය, ජෙරුසලමට මාරු කිරීම පසුගිය දා සිදුවිය. ඒ, ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස නිල වශයෙන් පිළිගනිමිනි.

ජෙරුසලමට තමන්ට ද අයිති බව පලස්තීනුවෝ කියති. එහෙයින්, ට්‍රම්ප්ගේ තීරණයත් සමඟ ඊශ්‍රායල පලස්තීන අර්බුදය ඔඩුදුවන්න පටන්ගෙන ඇත.

බටහිර ඉවුරෙන් භාගයක් පලස්තීනුවන්ට දීමට ට්‍රම්ප් යෝජනා කර ඇත්තේ, ඊශ්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ට්‍රම්ප් හඳුන්වා දෙන නව සාම සැලැස්ම හරහාය.

කෙසේ නමුත් ට්‍රම්ප් හඳුන්වා දෙන කිසිදු සාම සැලැස්මකට තමන් එකඟ වන්නේ නැතැයි පලස්තීන පාලන අධිකාරිය අවධාරණය කර තිබේ.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS