බටහිර ඉවුරට යන්නේ නෑ



ඊශ්‍රායල රජයෙන් එල්ල වූ විරෝධය හේතුවෙන් බටහිර ඉවුරේ පලස්තීන ප්‍රදේශයේ ජීවත් වන තම මිත්තණිය බැලීමේ අදහස අත්හැර දැමුවේ යැයි ඇමෙරිකා කොංග්‍රස් මන්ත්‍රී ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකා රෂීඩා තලයිබ් පවසයි.

තලයිබ් ලස්තීන සම්භවයක් ඇති ඇමෙරිකානු ජාතික කාන්තාවකි. තලයිබ් පමණක් නොව විදෙස් සම්භවයක් සහිත තවත් කොංග්‍රස් මන්ත්‍රීවරියෝ දෙදෙනෙක් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ උදහසට ලක් වී සිටිති. ඒ, ට්‍රම්ප් පරිපාලනය දැඩි ලෙස විවේචනය කර ඇති නිසාය. ඊශ්‍රායල පාලනයට නතු බටහිර ඉවුරේ සංචාරය කිරීමට සූදානමින් වූයේ ඇගේ අත්තම්මා බටහිර ඉවුරේ බෙයිට් ඌර් අල් ෆකුවා නමැති කුඩා ගම්මානයේ ජීවත්වන බැවිනි.

කෙසේ නමුත් ජනාධිපති ට්‍රම්ප්ට සහාය දක්වන ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ප්‍රමුඛ රජය එකපයින් කියා සිටියේ රෂීදා තලයිබ්ට ඊශ්‍රායලයට ඇතුළු වී තහනම් කරන බවය. ඒ අනුව, අර්බුදයක් නිඒමාණය විය. අවසානයේදී ඊශ්‍රායල රජය කියා සිටියේ මානුෂික කාරණාවක් සේ සලකා තලයිබ් ට ඇගේ මිත්තණිය බැහැදැකීමට අවසර දෙන බවය.  කෙසේ නමුත් තලයිබ් එය ප්‍රතික්ෂේ කළ අතර බටහිර ඉවුරට යෑමේ අදහස අත්හැර දැමූ බව පවසා තිබේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS