පෞද්ගලික අංශයට විස්සට පෙර වැටුප්



පෞද්ගලික අංශයේ සේවය කරන සියළුම සේවකයින්ට අඟහරුවාදා (ජුනි 20) වන විට මාසික වැටුප් ගෙවා අවසන් කරන ලෙස ඕමාන මිනිස් බල අමාත්‍යාංශය පෞද්ගලික ආයතන ප්‍රධානීන්ට නියෝග කර ඇති බව ටයිම්ස් ඔෆ් ඕමාන් වෙබ් පුවත්පත වාර්තා කළේය. 

ඕමාන කම්කරු නීතිය යටතේ ඇති පෞද්ගලික සමාගම් වලට අදාල නියෝගය බලපාන බව ඕමාන මිනිස් බල අමාත්‍යාංශය නිවේදනය කළේය.

 

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS