පෞද්ගලික අංශයට දින පහක නිවාඩුවක්



ඕමාන රජය Eid Al Adha උත්සවය සැමරීම සඳහා දින පහක නිවාඩුවක් පෞද්ගලික අංශයට ලබාදීමට තීරණය කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

නිවාඩුව අගෝස්තු 31වන බ්‍රාහස්පතින්දා දින ආරම්භ වන අතර සැප්තැම්බර් 04 වන සඳුදා දින අවසන් වේ.

පෞද්ගලික අංශයනැවත රාජකාරි ආරම්භ කිරීම සැප්තැම්බර් 05 වන අඟහරුවාදා දින සිදුවන බව ඕමාන මිනිස් බල අමාත්‍ය, ෂයික් අබ්දුල්ලා බින්න සීර්අල්බක්‍රී ප්‍රකාශ කළ බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කළේය.

ජානක ප්‍රියදර්ශන ජයතිලක

(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)


RECOMMEND POSTS