පොලිස් සුනඛයන් දෙන්නේ නෑ



පුපුරන ද්‍රව්‍ය සොයා ඉව අල්ලන පොලිස් සහ හමුදා නිල සුනඛයන් මින් ඉදිරියට ජෝර්දානයට හෝ ඊජිප්තුවට හෝ නොයවන බව ඇමෙරිකාව පවසා ඇත.

ඇමෙරිකාව මෙම තීරණය ගෙන ඇත්තේ නිසි රැකවරණ නොලැබීමෙන් නිල සුනඛයන් කීප දෙනකු මියයෑම හේතුවෙනි.

ඇමෙරිකාව ජෝර්දානයට සහ ඊජිප්තුවට යවා ඇති නිල සුනඛයන් ගණන 100 කට ආසන්නය. ජෝර්දානයට සහ ඊජිප්තුවට පමණක් නොව ලොව රටවල් රැසකට ඇමෙරිකාව නිල සුනඛයන් ලබා දීම සිදු කරයි. ඒ, ත්‍රස්ත මර්දන කටයුතුවලදී සහාය ලබා දීම සඳහාය.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS