පොලිස් නිලධාරියෙකුට පහර දී වසර 18ක හිරේ



මාර්තු මස 09 දින සෞදි අරාබියේ ජෙඩා නගරයේ සිවිල් ඇඳුමින් සැරසී සිටි සෞදි පොලිස් නිලධාරියකුට බීච් බගී වාහන වලින් පැමිණ අමානුෂික ලෙස පහර දුන් කණ්ඩායම මෙහෙය වු ප්‍රධානතම පුද්ගලයා වු සෞදි ජාතිකයාට වසර 18ක සිර දඩුවමක් සහ වසරකට කස පහරවල් 100 බැගින් වසර 18ට සඳහාකස පාහරවල් 1,800ක්ලබාදීමට නඩුව මෙහෙයවු අපරාධ අධිකරණය විනිසුරු තීන්දු කර ඇති බව Saudi daily Okaz පුවත්පත වාර්තා කළේය.

පහරදීම සඳහා ප්‍රධාන සැකකුරු ඇතුළුව පුද්ගලයින් 8 දෙනෙකු පැමිණ ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකුට වසර 16ක් සිරදඩුවම් සහ කස පහරවල් 1,600ක් නියම කර ඇත.

අනිත් පුද්ගලයින් පස්දෙනාට වසර 5ක සිර දඩුවම් නියම කර ඇත.

පහරදීමට පැමිණ පුද්ගලයින්ගෙන් 8 දෙනෙකු අප්‍රිකානු ජාතිකයින් බව ප්‍රදේශිය පුවත්පතක් වාර්තා කර ඇති බව ජි.ඩි.එන් ඔන්ලයින් වෙබ් අඩවිය වාර්තා කළේය.

අදාල පහරදීම නිවාස සංකීර්ණයක සවිකර තිබු ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබූ අතර නඩුව මෙහෙයවීම සඳහා ප්‍රධානතම සාක්ෂියක් වී ඇත.

ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජී.ඩී.එන්. ඔන්ලයින් ඇසුරිනි)


RECOMMEND POSTS