පොලිස් නිලධාරියෙක් මරා එල්ලුම් ගහට යයි



කුවේට් ජාතක දිනයේ රාජකාරි වල නිරතව සිටි පොලිස් නිලධාරියකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ කුවේට් ජාතිකයකුට එරට අපරාධ අධිකරණය මඟින් මරණ දණ්ඩනය නියම කරන ලදී. 

ත්‍රස්තවාදී සහ අන්තවාදී සංවිධානයක් මඟින් ඝාතනයන් සිදුකිරීම සඳහා මානසිකත්වය වෙනස් කර ඇති බවට කරන ලද විමර්ෂණ වලදී තහවුරු වී ඇති අතර ඒ අනුව කුවේට් ජාතිකයා පොලිස් නිලධාරියාව ඝාතනය කර ඇති බව ඔප්පු වී ඇත. 

පොලීසිය සිදුකරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී කුවේට් ජාතිකයා සියළු දේ පාපොච්ඡාරණය කර ඇති අතර නියම කරන දිනයකදී ඔහුව එල්ලා මැරීමට නියමිතව ඇත. 

 
ජානක ප්‍රියදර්ශන ජයතිලක
(ජි.ඩි.එන් ඔන්ලයින් පුවත් ඇසුරෙනි)

 


RECOMMEND POSTS