පොම්පේඕ සෞදියට



ඇමෙරිකන් පුරවැසියකු මෙන්ම, මාධ්‍යවේදියකු ද වුණු 60 හැවිරිදි සෞදි ජාතික ජමාල් කශෝගී, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අණ පරිදි මරා දමා ඇතැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කරුණු කාරණා විමසා බැලීමට ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ සෞදි අරාබිය බලා පැමිණියේය.

ඇමෙරිකා රාජ්‍ය ලේකම්වරයා මෙසේ සෞදිය බලා පැමිණියේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ උපදෙස් පරිදිය. කාශෝගී අතුරුදන්වීම සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කනස්සල්ලට පත් වී සිටින බවත්, සිදුවුණේ කුමක්දැයි සොයා බැලීම කළ යුතු බවත් ජනාධිපති ට‍්‍රම්ප් පවසා ඇත.

කාශෝගී අතුරුදන් වූයේ පසුගිය දෙවැනිදා, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. කාශෝගී සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු දැඩි ලෙස විවේචනය කළ අයෙකි.

කොන්සල් කාර්යාලයේ දී සෞදියේ සල්මාන් කුමරුන්ගේ අණ පරිදි කශෝගී ඝාතනය කෙරුණු බවටත්, සිරරු කබා කොටස් කර තානාපති කාර්යාලයෙන් ඉවත් කෙරුණු බවටත් තොරතුරු ලැබී ඇති බව පරීක්ෂණ පවත්වන තුර්කි ආරක්ෂක අංශ පවසා ඇත.

සල්මාන් රජු හමුවී, මාධ්‍යවේදී කශෝගී ගැන සාකච්ඡුා කිරීමෙන් පසු, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ තුර්කිය බලා යෑමටත්, ඉස්තාන්බුල් හි සෞදි කොන්සල් කාර්යාලයට ගොස් මාධ්‍යවේදියාගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ කටයුතු සොයා බැලීමට නියමිත බවත් වාර්තා වේ.

 (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS